― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsමෙරට මාර්ග අඳුරට යෑමේ අවදානමක්

මෙරට මාර්ග අඳුරට යෑමේ අවදානමක්

මාර්ග දෙපස ඇති විදුලි පහන් සඳහා විදුලිබල මණ්ඩලය විසින් පළාත් පාලන ආයතනවලට විශාල ගාස්තු සහිතව බිල්පත් එවා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (10) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

ඒ අනුව පළාත් පාලන ආයතනවලට මෙම බිල්පත් ගෙවා ගත නොකැකි වීමෙන් විදුලිය කැපී මාර්ග අඳුරට යන අවදානමක් මතුව ඇති බවයි මන්ත්‍රීවරයා පැවසුවේ.

එමෙන්ම පළාත් පාලන ආයතන බොහොමයක් අද පවත්වාගෙන යන්නේ ඉතා අසීරුවෙන් බව පැවසූ මන්ත්‍රීවරයා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර විසඳුමක් ලබාදෙන්නැයි අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය.