― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsමන්ත්‍රීවරුන්ගේ වරායේ සාදය ගැන රාජ්‍ය ඇමති කට අරී

මන්ත්‍රීවරුන්ගේ වරායේ සාදය ගැන රාජ්‍ය ඇමති කට අරී

ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් සිදු කළ නෞකා සංචාරය සම්බන්ධයෙන් එය සංවිධානය කළ රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර අද මාධ්‍ය හමුවක් පවත්වමින් කරුණු පැහැදිලි කර තිබෙනවා.

ඔහු එහිදී කියා සිටියේ මෙය නිරීක්ෂණ චාරිකාවක් වන අතර ඊට සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාරට මෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී විජිත හේරත් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරුන්ට ද ඇරයුම් කර තිබූ බවයි.

පසුගිය සමයේ අරගල සිදු කර මන්ත්‍රීවරුන්ගේ නිවාස ගිනි තැබීමට සම්බන්ධ පිරිස් මෙම කුමන්ත්‍රණයට සම්බන්ධ අතර මෙම චාරිකාව අතර සිදුවූ දේ වීඩියෝ කළ පුද්ගලයා ගැන පරීක්ෂණයක් සිදු කිරීමට වරාය සභාපතිවරයාට දැනුම්දුන් බව රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

අවසර නොමැතිව එය වීඩියෝ කර ඇති අතර සිදු කළ පුද්ගලයා හඳුනාගෙන ඇතැයි ද ඔහු සඳහන් කරනවා. මෙලෙස මුදල් ගෙවා සංචාරකයන්ට ද නෞකාවේ ගමන් කිරීමට අවස්ථාව ලබාදීමට කටයුතු කර ඇති බවයි අමාත්‍යවරයා කියාසිටියේ.

ඒ වෙනුවෙන් යන සම්පූර්ණ වියදම රුපියල් ලක්ෂ 3ක් පමණ වන බවත් තමා මෙම නිරීක්ෂණ චාරිකාව සංවිධාන කරනු ලැබුවේ මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම අනුව බව ද රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා.

මේ අතර ශ්‍රී ලංකා වරාය අධිකාරිය ඊයේ සඳහන් කළේ ආණ්‌ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක්‌ සඳහා කොළඹ වරායේ නෞකාවක සංවිධානය කර තිබූ සාදයක්‌ පිළිබඳව පළ වූ මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරන බවයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු කොළඹ වරායේ නෞකාවක සිටියදී සංග්‍රහ කරන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වුණා.

සිද්ධිය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා වරාය අධිකාරිය කියා සිටියේ කොළඹ වරායේ ක්‍රියාත්මක වන විවිධ සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ දැනුවත්වීම සඳහා දේශපාලනඥයන් සහ මාධ්‍යවේදීන් සඳහා සාමාන්‍යයෙන් මෙවැනි නැව් සංචාර පවත්වන බවයි.

වරාය අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකරගේ ඉල්ලීමකට අනුව එවැනි නිරීක්ෂණ චාරිකාවක් සඳහා නැව් චාරිකාවක් සංවිධානය කළ බවයි වරාය අධිකාරිය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණේ.

මාධ්‍ය වාර්තාවල සඳහන් පරිදි ආහාර හෝ වෙනත් කටයුතු සඳහා වියදම් කර නොමැති බව ද වරාය අධිකාරිය පැහැදිලි කර තිබෙනවා.

වරාය වෘත්තිය සමිති චෝදනා කරන්නේ රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහජන මුදල් වැය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පිරිසක් සඳහා වරාය පරිශ්‍රයේ සංචාරයක් සංවිධානය කර සාදයක් පැවැත්වූ බවයි.

වරාය පරිශ්‍රයේ අධි ආරක්ෂිත කලාපයක මෙම සාදය පවත්වා ඇති අතර මේ පිළිබඳ කඩිනම් විමර්ශනයක් පැවැත්විය යුතු බව ඔවුන් ඉල්ලා සිටියා.

රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 50ක පමණ පිරිසක් සමඟ වරාය අධිකාරිය තුළ පෙරේදා (09) නාවික සංචාරයක් සිදු කර තිබුණා.

ඒ සඳහා ආරාධනා පත්‍රයක් ද නිකුත් කර තිබූ අතර, එහි සඳහන් කර තිබුණේ නව වසර ආරම්භයේ කොළඹ වරාය පරිශ්‍රයේ කෙටි නාවික සංචාරයක් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වෙනුවෙන් රාජ්‍ය අමාත්‍යවරයා සංවිධාන කර ඇති බවයි.

සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් රාජ්‍ය අමාත්‍යවරයාගේ මෙම ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කළ අතර එම සංචාරයේ හා සාදයේ වීඩියෝ දර්ශන පෙළක් ද ඔවුන් මාධ්‍යට නිකුත් කර තිබුණා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද ඊට එක්ව සිටින ආකාරය දැක්වෙනවා. මෙම සංචාරය සිදු කර ඇත්තේ, හංසකාවා සහ දියකොවුලා නමැති යාත්‍රා ද්විත්වය යොදාගනිමින්.

සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය චෝදනා කළේ වරායේ නීතිරීති පවා උල්ලංඝනය කරමින් රාජ්‍ය අමාත්‍යවරයා මෙම සංචාරය හා සාදය පවත්වා ඇති බවයි.

වරාය රාජ්‍ය ඇමතිවරයාගේ පෞද්ගලික ලේකම් එම සංචාරය සඳහා ආහාර පාන ලබාදෙන ලෙස වරාය අධිකාරියෙන් ඉල්ලීම් කර ඇති බව ද වාර්තා වුණා.

වරාය වෘත්තිය සමිති චෝදනා කළේ, මන්ත්‍රීවරුන්ගේ මෙම විනෝද චාරිකාව සඳහා වරාය මහජන මුදල් කෝටි ගණනින් වැය කර ඇති බවයි.