30 C
Colombo
Thursday, April 10, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsයාපනයේ කෝවිලක් අසළ මළ සිරුරක්

යාපනයේ කෝවිලක් අසළ මළ සිරුරක්

යාපනය, නල්ලූර්, සට්ටනාතර් කෝවිල ආසන්නයේ තිබී පුද්ගල මළ සිරුරක් ඊයේ (11) සොයාගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ වයස අවුරුදු 61ක පුද්ගලයෙකුගේ මළ සිරුරක් මෙලෙස සොයාගත් බවයි.

මෙම පුද්ගලයාගේ පුත්‍රයා විසින් සිය පියාගේ මළ සිරුර එම ස්ථානයේ ඇති බවට පොලිසිය දැනුවත් කිරීමෙන් පසු එය සොයාගත් බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් මළ සිරුර යාපනය රෝහල් මෘත ශරීරාගාරයට යොමු කිරීමට කටයුතු කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.