විදුලි බිල සම්බන්ධයෙන් ඉතා හොඳ තත්ත්වයේ සහනයක් විදුලි පාරිභෝගිකයින්ට ලබාදීමට බලාපොරොත්තුවන බව ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත සඳහන් කරනවා.
අද (12) පෙරවරුවේ මධ්‍ය වෙත අදහස් දක්වමින් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළා.
මේ අතර විදුලි බිල අඩු කිරීමේ යෝජනා අද (12) දිනට තුළ මහජන උපයෝගීතා කොමිසමට ලබාදෙන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.
එමෙන්ම මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී සඳහන් කර සිටියේ විදුලි බිල අඩු කිරීමේ වැඩි වාසිය ඒකක 0 – 30, 0 – 60 සහ 0- 90 අතර පරිභෝජනය කරන විදුලි පාරිභෝගිකයින්ට ලබාදීමට බලාපොරොත්තුවන බවයි.