― political ―

පලස්තීන ජනතාව වෙනුවෙන් සජිත් පෙරට එයි

කවුරු කතා කරන්න බිය වුවත්, ඊශ්‍රාලය විසින් පලස්තීන ජනතාව එල්ල කරන අමානුෂීය ප්‍රහාරවලට තමන් විරුද්ධ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව...
HomeHot Newsඅවුරුදු 5ට අඩු දරුවන් සිටින මවුවරුන්ට රට යෑම තහනම්

අවුරුදු 5ට අඩු දරුවන් සිටින මවුවරුන්ට රට යෑම තහනම්

අවුරුදු පහට අඩු දරුවන් සිටින මවුවරුන් රැකියා සඳහා විදේශගත වීම වළක්වාලමින් නව නීති ගෙන ඒමට පියවර ගන්නා බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමැතිනී ගීතා කුමාරසිංහ පවසනවා.

ඊයේ (11) ජනාධිපත් මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරිය කියා සිටියේ මීට පෙර එම වයස් සීමාව අවුරුදු දෙකක් ලෙස පැවති බවයි.

කුඩා දරුවන් සිටින මව්වරුන් විදේශගත වීම ළමා අපචාර ඉහළ යාමට හේතුවක් බව එහිදී පෙන්වා දුන් අමාත්‍යවරිය පැවසුවේ ළමා අපචාර සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරියට පැමිණිලි හත්දහස් ගණනක් තිබෙන බවත් ඒවා පිළිබඳව සොයා බලමින් සිටින බවත්ය.