― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsජපාන මුදල් ඇමති හා කථානායක අතර හමුවක්

ජපාන මුදල් ඇමති හා කථානායක අතර හමුවක්

මෙරට නිල සංචාරයක නිරතව සිටින ජපානයේ මුදල් අමාත්‍ය සුසුකි ෂුනිචි (Suzuki Shunichi) කථානායක මහින්ද යාපා අබේවර්ධන හමු වී තිබෙනවා.

මෙම හමුවට පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිඩෙයාකි (Mizukoshi Hideaki) ද එක්ව සිටි බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන ඒකකය කියාසිටියේ.

මෙහිදී අදහස් දක්වමින් ජපාන මුදල් අමාත්‍යවරයා සඳහන් කළේ ජපානය සහ ශ්‍රී ලංකාව අතර දීර්ඝකාලීනව මිත්‍රත්වයක් පවතින අතර ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථායිකරණය සම්බන්ධයෙන් ජපානයේ සහය ලබාදීමට කටයුතු කරන බවයි. දෙරට අතර මිත්‍රත්වය වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

එසේම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජපානය දක්වන සහයෝගය පිළිබඳව මෙහිදී කථානායක මහින්ද යාපා අබේවර්ධන සිය කෘතවේදීත්වය පළ කළ අතර ඉදිරියේදීද ජපානයේ සහයෝගය බලාපොරොත්තු වන බව ප්‍රකාශ කළා.

සුසුකි ෂුනිචි (Suzuki Shunichi) විපක්ෂනායක ඇතුළු වික්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක් ද හමුවී සාකච්ඡාවක නිරත වී තිබෙනවා.