― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsජනපති රනිල් හෙට ස්විට්සර්ලන්තයට

ජනපති රනිල් හෙට ස්විට්සර්ලන්තයට

ලෝක ආර්ථික සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෙට (13) ස්වීට්සර්ලන්තයේ ඩාවෝස් නුවර බලා පිටත්ව යාමට නියමිතය.

ලෝක ආර්ථික සමුළුව අතරවාරයේ ජනාධිපතිවරයා ලෝක නායකයන් සහ ජාත්‍යන්තර ආයෝජකයන්ද හමුවනු ඇති.

රට බංකොලොත් වීම නිසා පසුගිය වසරේ ශ්‍රී ලංකාවට ලෝක ආර්ථික සමුළුවට සහභාගී වීමට නොහැකි වූ අතර මෙවර ආර්ථික සමුළුවේදී ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් ආයෝජකයන් සමඟ සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ලෝක ආර්ථික සමුළුවට සහභාගී වීමෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලබන 18 වැනිදා නොබැඳි ජාතීන්ගේ සමුළුවට සහභාගී වීම සඳහා උගන්ඩාව බලා පිටත්ව යාමට නියමිතය.

ජනාධිපතිවරයා ලබන 24 වැනිදා නැවත දිවයිනට පැමිණීමට නියමිතය.