― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඔන්ලයින් ණය දෙන තැනක් වටලා චීන්නු 05ක් අල්ලයි

ඔන්ලයින් ණය දෙන තැනක් වටලා චීන්නු 05ක් අල්ලයි

අන්තර්ජාලය හරහා ණය ලබාදීමේ මධ්‍යස්ථානයක් වටලා චීන ජාතිකයින් පස්දෙනෙකු සහ ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.

දෙහිවල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මෙම මධ්‍යස්ථානය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් වටලා ඇති බවයි වාර්තා වුණේ.

පොලිසියට ලද පැමිණිල්ලක් මත මෙම ස්ථානය වටලා ඇති අතර වැටලීමේදී පරිගණක 08ක්, ලැප්ටොප් පරිගණක 13ක් සහ ජංගම දුරකථන 49ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මෙලෙස පොලිස් භාරයට ගත් උපාංග පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් පරීක්ෂා කිරීමකට ලක්කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

අත්අඩංගුවට ගැනුණු චීන ජාතිකයින් 05 දෙනා ඇතුළු හයදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප ලබාදී ඇති බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මොවුන් විසින් ණය ලබාගත් පුද්ගලයින්ගේ පෞද්ගලිකත්වයට හානිවන ආකාරයෙන් කටයුතු කිරීම සම්බන්ධයෙන් මෙලෙස පොලිසියට පැමිණිලි ලැබී ඇති බවයි වාර්තා වුණේ.

කෙසේ වෙතත් මෙවැනි ආයතන සමඟ ගනුදෙනු නොකරන ලෙස පොලිසිය විසින් මහජනතාවට දැනුම් දෙනවා.