― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsවිදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ TIN ගැන දැනුම්දීමක්

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ TIN ගැන දැනුම්දීමක්

විදෙස් රටවල අධ්‍යාපනය ලබන ලාංකිකයන් හා ද්විත්ව පුරවැසියන් ‘ටින්’ අංකය ලබාගැනීම අනිවාර්ය නොවන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් බී.කේ. සමන් ශාන්ත පැවසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

විදෙස් රටක සිටින අයකු ශ්‍රී ලංකාවෙන් යම් ආදායමක් උපයා ගන්නේ නම් (බැංකුවල ස්ථිර තැන්පතුවලින් පොලී ආදායම්, කුලී ආදායම් හෝ වෙනත් ආකාරයක ආදායමක් උපයන සහ එම ආදායම වසරකට රුපියල් ලක්ෂ 12 ඉක්මවන පිරිස) අනිවාර්යයෙන්ම ටින් අංකය ලබාගත යුතු බවත් ඔහු සඳහන් කළේය.

ටින් අංකය ලබාගැනීම සඳහා ජනතාව අතර විශාල උනන්දුවක් පවතින බවත් වාහන ලියාපදිංචිය සම්බන්ධව තොරතුරු ලබාගැනීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මෝටර් රථ දපාර්තමේන්තුව සමග පරිගණක ජාලගත කිරීමට නියමිත බවත් ඔහු එහිදී අවධාරණය කළේය.

එලෙස සියලුම ආයතන සමග ජාලගත වීමෙන් සැඟවී සිටින බදු නොගෙවන්නන් හඳුනාගැනීමට හැකි වන බවයි ඔහු කියා සිටියේ.