― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsබන්ධනාගාරවල වාට්ටු ධාරිතාවය ඉක්මවයි

බන්ධනාගාරවල වාට්ටු ධාරිතාවය ඉක්මවයි

බන්ධනාගාර සිරමැදිරිවල වාට්ටු ධාරිතාව ඉක්මවා ගොස් ඇති බව අනාවරණය වී තිබෙනවා.

බන්ධනාගාර කළමනාකරණය කිරීම පිළිබඳ කාර්ය සාධන විගණන වාර්තාව විසිනුයි මේ බව පෙන්වා දී ඇත්තේ.

ඒ අනුව රැඳවියන්ගේ ප්‍රතිශතය සියයට 232ක් දක්වා ඉහළ ගොස් ඇති අතර රැඳවියන් නඩත්තු කිරීම සඳහා රජයට වාර්ෂිකව රුපියල් කෝටි 800කට වැඩි මුදලක් වැය කිරීමට සිදුවන බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.

බන්ධනාගාර 27ක වැසිකිළි 187ක හිඟයක් පවතින බවත් දැනට පවතින වැසිකිළිවලින් 287ක් අලුත්වැඩියා කළ යුතු තත්ත්වයේ පවතිනවා.

බන්ධනාගාරගත කෙරෙන රැඳවියන් වෙනුවෙන් ඇප නියම කර තිබුණද ඇප කොන්දේසි සපුරාලීමට නොහැකි වීම හේතුවෙන් රැඳවියන් විශාල සංඛ්‍යාවක් බන්ධනාගාර ගතව සිටින බව එම වාර්තාවේ දැක්වෙනවා.

එලෙස ඇප කොන්දේසි සපුරාලීමට නොහැකි වීම හේතුවෙන් බන්ධනාගාරගතව සිටින රැඳවියන් සංඛ්‍යාව 1,795 දෙනෙකි.

එමෙන්ම බන්ධනාගාර දෙකක 2011 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා ඇති වූ විවිධ ගැටලු හේතුවෙන් ගොඩනැගිලි කිහිපයක් විනාශ වී ඇති බවත් බන්ධනාගාරවල පවත්නා තදබදය කළමනාකරණය කිරීම පිළිබඳ කාර්ය සාධන විගණන වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙනවා.