26 C
Colombo
Thursday, April 10, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsපාර්ලිමේන්තුවේ සභාවාරය 24 වැනිදායින් අවසන්

පාර්ලිමේන්තුවේ සභාවාරය 24 වැනිදායින් අවසන්

ලබන 24 වැනිදා 0‍9 වන පාර්ලිමේන්තුවේ සිව්වන සභාවාරය වාර අවසාන කිරීමට නියමිතව ඇති බව වාර්තා වනවා.

ඒ අනුව ලබන 24 වැනිදා මධ්‍යම රාත්‍රියේදී පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමේ ගැසට් පත්‍රය ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

පාර්ලිමේන්තුව වාර අවසන් කිරීමත් සමඟ කෝප්, කෝපා ඇතුළු කාරක සභා 50කට වැඩි සංඛ්‍යාවක නිල කාලය ද අහෝසි වනවා.

සිව්වන සභාවාරය වාර අවසන් කිරීමෙන් පසු පාර්ලිමේන්තුවේ නව සභාවාරය පෙබරවාරි මස 07 වැනිදා ජනාධිපතිවරයා විසින් විවෘත කිරීමට නියමිතයි.