27.8 C
Colombo
Friday, September 5, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsයාපනයේ 60 හැවිරිදි අයෙක්ගෙන් ලෝක වාර්තාවක්

යාපනයේ 60 හැවිරිදි අයෙක්ගෙන් ලෝක වාර්තාවක්

යාපනයේ අවුරුදු 60ක පුද්ගලයෙක් ලෝක වාර්තාවක් තබා තිබෙනවා.

ඔහු තම කොණ්ඩය ආධාරයෙන් කිලෝග්‍රෑම් 1550ක් බර වාහනයක් විනාඩි විනාඩි 17 ක කාලයකින් කිලෝ මීටර් 1.2 ක දුරක් ඇදගෙන යාමෙනුයි ලෝක වාර්තාවක් පිහිටවා ඇත්තේ.

යාපනයේ, තෙන්මරච්චි මට්ටුවිල් ප්‍රදේශයේ පදිංචි අවුරුදු 60ක පුද්ගලයෙක් විසින් මෙලෙස නව ලෝක වාර්තාවක් පිහිටුවා තිබෙනවා.

නමින් සෙල්ලයියා තිරුචෙල්වම් නැමැති මොහු දීර්ඝ කාලයක් පුරා යාපනයේ කෝවිල්වල උත්සව පැවැත්වෙන විට මහජන ප්‍රදර්ශනයක් වශයෙන් සිය රැවුලෙන් වාහන ඇද ඇති බවයි.

ඒ අනුව මෙවර වාර්තාවක් තැබීම සදහා ඔහුගේ කොණ්ඩයෙන් එම වාහනය ඇද ඇති අතර ඔහු යාපනයේ, මට්ටුවිල් ප්‍රදේශයේදීම නියෝජිතයින් විශාල පිරිසක් ඉදිරියේ එම වික්‍රමය සිදු කොට ලෝක වාර්තාව පිහිටුවා තිබෙනවා.

මෙම ලෝක වාර්තාව පිහිටුවීම සදහා යාපනයේ ආයතන රැසක් හා රාජ්‍ය නිලධාරීන් කීපදෙනෙකු හා පළාතේ ක්‍රීඩා සමාජ ඔහුට සහය දී තිබෙනවා.