විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ අවසන් අදියරට රජය පැමිණ ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ඊයේ (16) ස්විට්සර්ලන්තයේ ඩාවොස් නුවර පැවති හරිත තාක්ෂණ සංසදය අමතමිනි.
මෙරට පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජනය කිරීමට සුදුසුම කාලය මෙය බවයි ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ.
ලෝක ආර්ථික සමුළුවට සහභාගි වීම සඳහා පසුගියදා ජනාධිපතිවරයා ස්විට්සර්ලන්තය බලා පිටත් වූ අතර එහිදීයි මෙම හරිත තාක්ෂණ සංසදයට ජනාධිපතිවරයා එක් වී ඇත්තේ.
එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අමෙරිකාවේ හිටපු උප ජනාධිපති ඇල් ගෝර් අතර හමුවක් ද පවත්වා තිබෙනවා.