― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsආරච්චිකට්ටුවේ කසිප්පු ස්කාගාර 04ක් වටලයි

ආරච්චිකට්ටුවේ කසිප්පු ස්කාගාර 04ක් වටලයි

ආරච්චිකට්ටුව, බුරුතකැළේ ප්‍රදේශයේ මහා පරිමාණයෙන් සිදු කරගෙන ගිය කසිප්පු ස්කාගාර 04ක් වටලා තිබෙනවා.

හලාවත කොට්ඨාස දූෂණ මර්ධන ඒකකය පැවසුවේ ගෝඩා තොගයක් සමග උපකරණ අමුද්‍රව්‍ය සහ පුද්ගලයන් සිව් දෙනෙකු ඊයේ (16) අත්අඩංගුවට ගත් බවයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ ආරච්චිකට්ටුව, බුරුතකැළේ ප්‍රදේශවල පදිංචිකරුවන් සිව් දෙනෙකු වන අතර එම ස්ථානයේ තිබූ ගෝඩා තොගය භාවිතා කරමින් කසිප්පු ලීටර් 6000 ට අධික ප්‍රමාණයක් නිෂ්පාදනය කළ හැකි බවයි පොලිසිය පවසන්නේ.

එමෙන්ම සියලු සැකකරුවන් සමඟ නඩු භාණ්ඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.