26 C
Colombo
Thursday, April 10, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsරජයේ සේවක වැටුප් ගැන දැනුම්දීමක්

රජයේ සේවක වැටුප් ගැන දැනුම්දීමක්

2024 අයවැය මගින් යෝජිත රුපියල් 10,000 වැටුප් වැඩි කිරීමේ පළමු අදියර වන රුපියල් 5000 වැටුප් වැඩි වීමට අදාළ මුල්ම කොටස වන ගුරු වැටුප් සඳහා වන මුදල් භාණ්ඩාගාරය මගින් නිදහස් කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ දැනට රාජ්‍ය සේවක වැටුප් සඳහා රුපියල් බිලියන 95ක පමණ මුදලක් වැය වන බවයි.

ජනවාරි මාසයේ සිට එම මුදල් තවත් රුපියල් බිලියන 7කින් ඉහළ යන අතර අප්‍රේල් සිට යෝජිත රුපියල් 10,000 වැටුප ඉහළ නැංවූ පසු එම අතරේක මුදල රුපියල් බිලියන 14ක් පමණ බව බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මුදල් මුද්‍රණය සහ ණය ගැනීම නවතා ඇති තත්ත්වයක් තුළ වියදම් කළමනාකරණය කිරීම තුළින් පමණක් අදාළ මුදල් ඉතිරි ගත යුතු බව අමාත්‍යවරයා සඳහන් කළා.