― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsනාරම්මල වෙඩි පත්තු වූ SI අත්අඩංගුවට

නාරම්මල වෙඩි පත්තු වූ SI අත්අඩංගුවට

නාරම්මල, දම්පලැස්ස ප්‍රදේශයේදී ඊයේ (18) රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීමකින් ලොරි රථ රියදුරෙක් මිය යාමේ සිද්ධිය සම්බන්ධ සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව පවසනවා.

මෙම උප පොලිස් පරීක්ෂකවරයා පොලිසියේ ඇති උපදෙස්වලට බැහැරව සහ නොසැලිකිළිමත්කමින් කටයුතු කර ඇති බවට දැනට සිදුකළ විමර්ශනවල දී නිරීක්ෂණ වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අද (19) මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළා.

සැකකාර උප පොලිස් පරීක්ෂකවරයාට එරෙහිව දැඩිලෙස නීතිය ක්‍රියාත්මක කරන බවත්, ආයතනික වශයෙන් විනයානුකූලව කටයුතු කරන බවත් ඔහු මෙහිදී සඳහන් කළා.

නාරම්මල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා මේ වනවිට 59 හැවිරිදි වියේ පසුවන අයෙක් වන අතර මියගිය ලොරි රථ රියදුරා වයස අවුරුදු 41ක මහරච්චියමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.