― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsබැස්ටියන් මාවතේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම නවතී

බැස්ටියන් මාවතේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම නවතී

පිටකොටුව බැස්ටියන් මාවතේ අනවසර ඉදිකිරීම් කඩා ඉවත් කිරීම බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාගේ නියෝගය මත නතර කර තිබෙනවා.

අප වාර්තාකරුවන් සඳහන් කළේ බැකෝ රථ සහ ට්‍රැක්ටර් රථ ද සමගින් පිටකොටුව බැස්ටියන් මාවතේ තාවකාලිකව ඉදිකර ඇති වෙළඳසැල් ඉවත් කිරීමට අද (19) පොලිසිය පැමිණ සිටි බවයි.

පසුව එම ස්ථානයට පැමිණි බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාගේ නියෝජිතයෙකු වෙළඳසැල් ඉවත් කිරීම තාවකාලිකව නතර කරන ලෙස ඉල්ලා සිටි බව වාර්තා වනවා.

ඒ අනුව අනවසර ඉදිකිරීම් කඩා ඉවත් කිරීම පොලිසිය තාවකාලිකව නතර කර තිබෙනවා.