― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsරට බිත්තර මිලත් ඉහළට

රට බිත්තර මිලත් ඉහළට

ඉහළ දැමූ වැට් බද්ද හේතුවෙන් ආනයනික බිත්තරයක මිලද රුපියල් 8කින් ඉහළ දමා තිබෙනවා.

රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර පැව්සුවේ ඒ අනුව රුපියල් 35ක්ව පැවති ආනයනික බිත්තරයක මිල රුපියල් 43ක් වන බවයි.

ජනවාරි මාසයට අවශ්‍ය බිත්තර තොග පසුගිය 10 වැනිදා මෙරටට ලැබීමට නියමිතව තිබුණද ඒවායේ ඇති වූ ප්‍රමාදයත් සමඟ මෙරට වෙළෙඳපොල තුළ බිත්තර හිඟයක්ද ඇති වුණා.

කෙසේනමුත් මෙම සතිය තුළදී ඉන්දියාවේ සිට බිත්තර මිලියන 15ක තොගයක් මෙරටට ආනයනය කිරීමට නියමිත බවයි සභාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේ.