― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsසෞඛ්‍ය ක්ෂේත්‍රයටත් AI තාක්ෂණය

සෞඛ්‍ය ක්ෂේත්‍රයටත් AI තාක්ෂණය

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කටයුතු සඳහා කෘතිම බුද්ධිය භාවිත කිරීමේ අවශ්‍යතාව මතුව ඇති බව කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඉන්දික කරුණාතිලක පවසනවා.

වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා කෘතිම බුද්ධිය භාවිතා කිරීම උපකාරී වන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

කෘතිම බුද්ධිය කියන එක දැන් යථාර්ථයක් වෙලා ඉවරයි. එය නොසලකා හරින්න හැකියාවක් නෑ. ඒ වගේම සෞඛ්‍ය කේෂ්ත්‍රයට හා වෛද්‍ය අධ්‍යාපනයට කෘතීම බුද්ධියෙන් ඉතාමත් ප්‍රයෝජන තියෙනවා. එය නොසලකා හරින්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ වගේම වෛද්‍ය විද්‍යාවේ ගුණාත්මකභාවය වැඩිකරන්න සත්කාරක සේවාවල කාර්යක්ෂමතාවය හා ගුණාත්මකභාවය වැඩිකරන්න දැනට තොරතුරු තාක්ෂණයේ දියුණුවත් එක්ක තොරතුරු ප්‍රමාණය ඉතාමත් වේගයෙන්ම වැඩිවෙලා. ඒ නිසා තනි පුද්ගලයෙකුට ලෝකයේ තොරතුරු සියල්ල ගැන දැනුමක් ලබාගන්න අපහසුයි. ඒ වගේ අවස්ථාවක කෘතිම බුද්ධියෙන් විශාල ප්‍රයෝජනයක් ලබාගන්න පුළුවන්.”