31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsකුඩු සළිදුගේ බැංකු ගිණුම්වල කෝටි 106ක්

කුඩු සළිදුගේ බැංකු ගිණුම්වල කෝටි 106ක්

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ සංවිධානාත්මක අපරාධකරුවකු වන කුඩු සළිඳුගේ බැංකු ගිණුම් පිළිබඳව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විශේෂ අනාවරණයක් සිදුකර තිබෙනවා.

පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ කුඩු සළිඳු විවිධ පුද්ගලයන්ගේ නම්වලින් බැංකු ගිණුම් 48 ක් පවත්වාගෙන ගොස් ඇති බවයි.

එමෙන්ම වසර තුනක් ඇතුළත රුපියල් කෝටි 106 ක් එම ගිණුම්වල සංසරණය වී ඇති බවත් අනාවරණය වී තිබෙනවා.

Cඓඪ් ය විසින් සිදු කළ වැඩිදුර විමර්ශනවලදී හෙළි වී ඇත්තේ කුඩු සළිදු සතුව සුඛෝපබෝගී වාහන 79 ක් තිබෙන බවත් ඒවායේ අංක තහඩු වෙනස් කරමින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කර ඇති බවත්ය.