32.8 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවිශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරාට ඇප

විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරාට ඇප

කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා ඒකකයේ අංශ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා ඇප මත මුදාහැර තිබෙනවා.

සෞඛ්‍ය වෘත්තිය සමිති පසුගිය 16 වනදා ක්‍රියාත්මක කළ සංකේත වැඩවර්ජනය අතරතුර එහි කනිෂ්ඨ සේවිකාවකට පහර දීමේ චෝදනාව මතයි වෛද්‍යවරයා අත්අඩංගුවට ගනු ලැබුවේ.

කෙසේ වෙතත් පොලිස් අත්අඩංගුවේ සිටියදී ඇතිවූ හෘදයාබාධයක් මත වෛද්‍යවරයාට බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව මත කරාපිටිය ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබාගැනීමට අධිකරණය අවසර ලබා දුන්නා.

වෛද්‍යවරයා නැවතත් අද (22) අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර එහිදී මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේ රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප දෙකක් මත වෛද්‍යවරයා මුදාහරින ලෙසයි.