― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsඅයියාගේ කතුරු පහරින් මල්ලි ජීවිතක්ෂයට

අයියාගේ කතුරු පහරින් මල්ලි ජීවිතක්ෂයට

බොරැල්ල සර්පන් ටයින් පාරේ නිවසකදී වැඩිමල් සහෝදරයා බාල සහෝදරයාට කතුරකින් ඇන ඝාතනය කර තිබෙනවා.

බොරැල්ල පොලිසිය පැවසුවේ මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කොළඹ 08, බොරැල්ල සර්පන් ටයින් පාරේ පදිංචිව සිටි 55 හැවිරිදි තැනැත්තෙකි.

මොහු වෙළෙඳ සහයකයෙකු ලෙස කටයුතු කරන අයෙකු බවයි පොලීසිය පවසන්නේ.

මරණයට ලක් වූ මත්පැන් පානය කරමින් සිටියදී වැඩිමහල් සහෝදරයා සමඟ ඇති වූ බහින්බස් වීමක් දුරදිග ගොස් ඇති අතර සැකකාර වැඩිමල් සහෝදරයා විසින් බාල සහෝදරයාට කතුරකින් පපුවේ වම්පස ප්‍රදේශයට ඇන තිබෙනවා.

බරපතළ තුවාල ලද පුද්ගලයා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇති අතර එහි ප්‍රතිකාර ලබමින් සිටියදීයි මොහු මියගොස් ඇත්තේ.

59 හැවිරිදි සැකකාර වැඩිමල් සොයුරා ඝාතනයට යොදා ගත් කතුරක් සමග පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.