― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsයුක්තියේ මෙහෙයුමෙන් සැකකරුවන් 955ක් අත්අඩංගුවට

යුක්තියේ මෙහෙයුමෙන් සැකකරුවන් 955ක් අත්අඩංගුවට

ගතවූ පැය 24 තුළ දිවයින පුරා සිදුකළ මෙහෙයුම්වලදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 955 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට පත් පිරිස අතර සැකකරුවන් 633ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 322ක් වනවා.

එහිදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය අතර, හෙරොයින් 187ග්, අයිස් 126ග්, ගංජා 14ක්ග් 700ග්, ගංජා පැල 28,277, මාවා 148ග්, මදන මෝදක 02ග් සහ මත්පෙති 136ක් ඇතුලත්. මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 633 දෙනා අතරින් සැකකරුවන් 07කට රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන අතර නීති විරෝධී වත්කම් විමර්ශන 03ක් සහ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවුවන් 17ක් පුනරුත්තාපනය සදහා යොමු කර ඇති බව සඳහන්.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 28ක්ද අත්අඩංගුවට ගත් පිරිස අතර සිටිනවා. එසේම, අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 322දෙනා අතරින් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවන් 42ක් සහ මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන් 243ක්ද ඇතුලත්.

මේ අතර ඇගිලි සටහන් මාධ්‍යයෙන් හදුනාගෙන අත්අඩංගුවට ගෙන නොමැතිව සිටි සැකකරුවන් 23ක් සහ අපරාධවලට අවශ්‍ය කරන සැකකරුවන් 14ක්ද මෙහෙයුම්වල දී අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.