31 C
Colombo
Tuesday, September 30, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅනුරාධපුරයේ රැඳවියෙක්ට කිඹුල් ප්‍රහාරයක්

අනුරාධපුරයේ රැඳවියෙක්ට කිඹුල් ප්‍රහාරයක්

අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියෙකු කිඹුල් ප්‍රහාරයකට ලක්ව තිබෙනවා.

අදාළ රැඳවියා දැඩි පරිශ්‍රමයක් යොදා කිඹුලාගෙන් බේරී ඇති අතර දැඩි ලෙස තුවාල ලැබූ රැඳවියා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

රෝහල්ගත කිරීමෙන් අනතුරුව රැඳවියා ශල්‍ය කර්මයකටද භාජනය කර තිබෙනවා.

මෙලෙස කිඹුල් ප්‍රහාරයට ලක්ව ඇත්තේ අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරේ රඳවා සිටි 34 හැවිරිදි දමිළ ජාතික රැදවියෙක් බවයි වාර්තා වන්නේ.

ඊයේ (22) රාත්‍රියේදී මෙම රඳවියා ඇතුළු පිරිසක් බන්ධනාගාර භූමියේ මල්වතු ඔයට යාබදව වගා කටයුතුවල නිරත වෙමින් සිට ඇති අතර එම අවස්ථාවේදී උණ පඳුරක් ආසන්නයේ සැඟව සිටි කිඹුලෙකු මෙම රැඳවියාගේ ඇඟට පැන මල්වතු ඔයට ඇදගෙන ගොස් තිබෙනවා.