26.1 C
Colombo
Monday, August 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsත්‍රීරෝද රථ රියදුරන්ට අමතර ජීවනෝපායක්

ත්‍රීරෝද රථ රියදුරන්ට අමතර ජීවනෝපායක්

ත්‍රීරෝද රථ රැකියාවේ නිරත රියදුරන් සඳහා අමතර ජීවනෝපායක් හඳුන්වාදීමට රජය තිරණය කර තිබෙනවා.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය පවසන්නේ ඒ සඳහා රජය විසින් රුපියල් මිලියන පහක මුදලක් වෙන්කර ඇති බවයි.

ත්‍රීරෝද රථ රැකියාවේ නියුතුව සිටින පන්සිය හැටකට ආසන්න පිරිසක් සඳහා මේ හරහා ප්‍රතිලාභ හිමිවන අතර මෙහි පළමු අදියර යටතේ නියමු ව්‍යාපාතියක් ලෙස හම්බන්තොට ඉලක්ක කරගනිමින් ත්‍රීරෝද රථ රියදුරන් හැත්තෑ දෙනෙකු තෝරාගැනීමට නියමිතව තිබෙනවා.

මෙමඟින් පුහුණු වැඩසටහන් පවත්වා රියදුරන්ගේ නිපුණතාවය වැඩිදියුණු කර අමතර ජීවනෝපාය හඳුන්වාදීමට කටයුතු යොදා තිබෙනවා.

එම අමාත්‍යාංශය සඳහන් කළේ ජල නල නඩත්තුව, විදුලි කාර්මික, වඩු කර්මාන්තය, කොණ්ඩා කැපීම සහ ගොඩනැගිලි පින්තාරුකරණය යන තෝරාගත් කර්මාන්ත ක්ෂේත්‍රයන් පිළිබඳ ත්‍රීරෝද රථ රියදුරන් හට වෘත්තීමය පුහුණුවක් ලබාදී ඒ තුළින් අමතර ජීවනෝපායක් සිදුකිරීමට අවශ්‍ය උපකරණ සැපයීම මේ හරහා සිදුවන බවයි.