― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot NewsIMF මීළඟ වාරිකය වසර මැදදී - නන්දලාල්

IMF මීළඟ වාරිකය වසර මැදදී – නන්දලාල්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මීළඟ ණය වාරිකය ලැබීමට වැඩි කාලයක් ගත නොවන බව මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ පැවසුවා.

මහබැංකු අධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (23) ශ්‍රී ලංකා මහ බැංකුවේ පැවති මුදල් ප්‍රතිපත්ති විවරණ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහබැංකු අධිපතිවරයා කියා සිටියේ මෙම වසරේ මැද කාලයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වාරිකය ලැබීමට බොහෝ ඉඩකඩ ඇති බවත් ණය ප්‍රතිව්‍යුහගත කිරීම යනු රටක් බංකොලොත් වීම නොවන බවත්ය.

රටක් බංකොලොත්භාවයට පත්වීම යනු ණය නොගෙවා සිටීම බව එහිදී අවධාරණය කළ මහබැංකු අධිපතිවරයා එවන් අවස්ථාවකදී ණය ගෙවිය යුතු නොවන අතර වත්කමක් විකුණා යම් ණය ප්‍රමාණයක් ගෙවිය යුතු වන බවයි සඳහන් කළේ.