― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsආදුරුප්පු වීදියේ වෙඩි තැබීමක්

ආදුරුප්පු වීදියේ වෙඩි තැබීමක්

ආදුරුප්පු වීදිය පොලිස් වසමේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

පොලීසිය පැවසුවේ 26 හැවිරිදි ජෝජ්රාජ් ධනුෂ්රාජ් නැමැති තරුණයාට යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

සැකකරුවන් දෙදෙ⁣නාගෙත් එක් සැකකරුවෙකු යතුරුපැදිය ද සමග වෙරළබඩ පොලිස් ස්ථානයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන මේ වනවිටත් ආදුරුප්පු වීදිය පොලිසිය වෙත භාරදී තිබෙනවා.

සැකකරුවන් වෙඩිතැබීමට භාවිතා කළ පිස්තෝල අවියද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙක් සැකකරු සොයා විමර්ශන සිදුකරනු ලබයි.

වෙඩි වැදීමෙන් තුවාල ලැබු සැකකරු කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.