― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsදරුවන් ගෙයි සිරකර සිරිපා වඳින්න ගිය යුවළ අත්අඩංගුවට

දරුවන් ගෙයි සිරකර සිරිපා වඳින්න ගිය යුවළ අත්අඩංගුවට

තම දරුවන් තිදෙනා නිවසෙහි දමා බාරයක් ඔප්පු කිරීම සඳහා ශ්‍රී පාදයට ගිය මව්පිය යුවළක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ අවුරුදු අට, පහ සහ තුන යන වයස්වල පසුවෙන දරුවන් තිදෙනා නිවෙසෙහි තනි කර දමා මොවුන් දෙදෙනා බාරයක් ඔප්පු කිරීමට යැයි පවසා ශ්‍රීපාද වන්දනාවේ ගොස් ඇති බවයි.

මෙම යුවළ දීගල්ල, එලතලව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලීසිය පවසන්නේ.

පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරකට අනුව අදාළ නිවෙස පරීක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් ගොස් ඇති අතර එම අවස්ථාවේදී නිවසේ දොරගුලු දමා ඇති අයුරුයි ඔවුන් දැක ඇත්තේ.

පසුව පොලීසිය විසින් සිදු කළ සොයා බැලීමේදී දරුවන් තිදෙනකු එම නිවෙස තුළ සිටින බව තහවුරු කරගෙන තිබෙනවා.

එම දරුවන් තිදෙනා ඒ වන විටත් උණ රෝගයෙන් පෙළෙමින් සිට ඇති අතර දරුවන් තිදෙනා කඩිනමින් රෝහල්ගත කිරීමටයි පොලීසිය පියවර ගෙන ඇත්තේ.

කෙසේනමුත් වන්දනා ගමන නිම වී පැමිණි මවුපියන් වහාම අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර තිබෙනවා.

රෝහල්ගතව සාංකාවෙන් පසුවන දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් දරුවන්ගේ මව එම ස්ථානයේ රඳවා ඇති අතර සිද්ධියට අදාළ සැකකාර පියා හා මව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.