― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකන්දකාඩුවෙන් පලාගිය රැඳවියන් 23ක් භාර වෙයි

කන්දකාඩුවෙන් පලාගිය රැඳවියන් 23ක් භාර වෙයි

පොළොන්නරුව වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පළා ගිය රැඳවියන් 23 දෙනෙක් මේ වන විට පුලස්තිගම පොලිසියට භාර වී ඇතැයි වාර්තා වනවා.

පොළොන්නරුව වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් දෙපිරිසක් අතර ඊයේ පස්වේරුවේ ගැටුමක් හට ගෙන තිබෙනවා.

එහිදී පිරිසක් පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පළාගොස් ඇති අතර 18 දෙනෙකු පමණ ඊයේ පස්වරුවේ පෙරියාරු පාලම අසලදී පුලස්තිපුර පොලිසිය වෙත භාර වී තිබෙනවා.

තවත් රැඳවූවන් 5 දෙනෙක් අද පෙරවරුවේ පොලිසියට භාර වුණා. ඔවුන් සියලු දෙනා තාවකාලිකව පුලස්තිපුර පොලිස් ස්ථානයේ රඳවා සිටින බව අප වාර්තාකරු පැවසුවා.

පලා ගිය සෙසු රැඳවූවන් සොයා පොලිසිය සහ ආරක්ෂක අංශ සෝදිසි මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. පසුගිය 12 වැනිදා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ දිවා ආහාරය සම්බන්ධයෙන් ගැටලුවක් මුල්කරගනිමින් රැඳවියන් දෙපිරිසක් අතර ගැටුමක් හටගත් අතර එහිදී 26 දෙනෙක් තුවාල ලබා රෝහල්ගත කෙරුණා.

තවත් 90 දෙනෙක් පලා ගොස් සිටියදී පසුව ආරක්ෂක අංශ භාරයට ගත්තා. කන්දකාඩු පුනරුත්ථාපන මධස්ථානයේ කළමනාකාරීත්වය වෙනස්කිරීමට ඉදිරියේදී සලකා බලන බව අධිකරණ හා බන්ධනාගාර අමාත්‍ය විජයදාස රාජපක්ෂ එම අවස්ථාවේදී ප්‍රකාශ කළා.