30.6 C
Colombo
Friday, June 27, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsමැංගුස් කැඩීමට ගසට නැගි පියා නොඑන ගමන් යයි

මැංගුස් කැඩීමට ගසට නැගි පියා නොඑන ගමන් යයි

පැල්මඩුල්ලේදී මැංගුස් ගසකින් වැටී දෙදරු පියෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ මොහු මැංගුස් කැඩීම සඳහා ගසට නැග ඇති අතර ඔහු නැග සිටි ගසේ අත්තත් සමග බිමට වැටීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පැල්මඩුල්ල, සිංහපුර බටලන්දේ පදිංචි කේ.ලීලාරත්න නම් 66 හැවිරිදි දෙදරු පියෙකි.

මොහු දිවා ආහාරය ගැනීමෙන් පසුව නිවස ආසන්නයේ පිහිටි මැංගුස් ගසේ මැංගුස් කැඩීමට ගොස් ඇති අතර මැංගුස් ගසේ අත්තක් කඩා වැටෙන ශබ්දය ඇසී මියගිය තැනැත්තාගේ බිරිඳ සහ අසල්වාසියෙක් එම ස්ථානයට දිවගොස් තිබෙනවා.

එහිදී ඔවුන් දැක ඇත්තේ ගසේ අත්ත කඩා වැටීමත් සමඟ ඔහුද බිම වැටී සිටින අයුරුයි.

කඩිනමින් ඔහු කහවත්ත මුලික රෝහලට ඇතුළත් කළද ඒ වනවිටත් ඔහු මියගොස් සිටි බවයි රෝහල් ආරංචිමාර්ග පවසන්නේ.