― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsවිදුහල්පති දීමනාව වැඩි කිරීමට නිර්දේශ

විදුහල්පති දීමනාව වැඩි කිරීමට නිර්දේශ

විදුහල්පති දීමනාව රුපියල් 9000කින් ඉහළ දමන ලෙස විදුහල්පති සේවයේ නොවිසදුණු ගැටලු‍‍ විසඳීම සඳහා පත් කළ කමිටුව නිර්දේශ කර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත විසින් මෙම කමිටුව පත්කරනු ලැබූ අතර එම වාර්තාව කමිටුව විසින් ඊයේ අමාත්‍යවරයා වෙත භාර දී තිබෙනවා.

ප්‍රධාන කරුණු හයක් ඔස්සේ කමිටුව විසින් නිර්දේශ ඉදිරිපත් කර ඇති අතර 16,000කට අධික නිලධාරීන් පිරිසක් සිටින විදුහල්පති සේවයේ එක, දෙක, තුන ශ්‍රේණිවලට අයත් විදුහල්පති, නියෝජ්‍ය විදුහල්පති හා උප විදුහල්පතිවරුන්ගේ සේවා අභිවෘද්ධිය හා පාසල් පද්ධතියේ නව අවශ්‍යතා සලකා විදුහල්පති අධිශ්‍රේණියක් ඇති කිරීමට එමගින් නිර්දේශ කර තිබෙනවා.

එමෙන්ම කමිටුවේ අනෙක් නිර්දේශ වන්නේ වැටුප් සංශෝධන හා වැටුප් විෂමතා ඉවත් කිරීම, විදුහල්පති දීමනාව රුපියල් 6,000 සේ සිට රුපියල් 15000 දක්වා වැඩි කිරීම, රාජ්‍ය සේවයේ නිලධාරීන්ට ලැබෙන සන්නිවේදන ගමන් වියදම් වාහන නිවාස ඇතුළු ප්‍රතිලාභ රැසක් සඳහා සහන හා දුෂ්කර පළාත්වල විදුහල්පතිවරුන්ට විශේෂ දීමනාව ලබාදීමයි.