27.2 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsලිට්‍රෝ ලාභයෙන් බිලියන 1.5ක් මහා භාණ්ඩාගාරයට

ලිට්‍රෝ ලාභයෙන් බිලියන 1.5ක් මහා භාණ්ඩාගාරයට

ලිට්රෝ සමාගම පසුගිය වසරේ උපයා ඇති ලාභාංශය ලෙස උපයා ගත් රුපියල් බිලියන 1.5ක මුදලක් මහා භාණ්ඩාගාරයට ලබාදීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඔවුන්ගේ මව් සමාගම වන ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හරහා මෙම මුදල මහා භාණ්ඩාගාරයට ලබාදෙනු ඇති.

ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් අද (26) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මේ බව සඳහන් කළේය.

ඔවුන් පසුගිය වසරේ ලැබූ මුළු ලාභය රුපියල් බිලියන 7ක් බවත් ලිට්රෝ සමාගමේ ඉතිහාසය තුළ වැඩිම ලාභයක් ඉපයූ වසර ලෙස පසුගිය වසර හැඳින්විය හැකි බවත් සභාපතිවරයා එහිදී කියා සිටියේ.