― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsලිට්‍රෝ ලාභයෙන් බිලියන 1.5ක් මහා භාණ්ඩාගාරයට

ලිට්‍රෝ ලාභයෙන් බිලියන 1.5ක් මහා භාණ්ඩාගාරයට

ලිට්රෝ සමාගම පසුගිය වසරේ උපයා ඇති ලාභාංශය ලෙස උපයා ගත් රුපියල් බිලියන 1.5ක මුදලක් මහා භාණ්ඩාගාරයට ලබාදීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඔවුන්ගේ මව් සමාගම වන ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හරහා මෙම මුදල මහා භාණ්ඩාගාරයට ලබාදෙනු ඇති.

ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් අද (26) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මේ බව සඳහන් කළේය.

ඔවුන් පසුගිය වසරේ ලැබූ මුළු ලාභය රුපියල් බිලියන 7ක් බවත් ලිට්රෝ සමාගමේ ඉතිහාසය තුළ වැඩිම ලාභයක් ඉපයූ වසර ලෙස පසුගිය වසර හැඳින්විය හැකි බවත් සභාපතිවරයා එහිදී කියා සිටියේ.