― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsඉලක්කය වැරදී වෙඩික්කරුගේ පියා ජීවිතක්ෂයට

ඉලක්කය වැරදී වෙඩික්කරුගේ පියා ජීවිතක්ෂයට

වල් ඌරෙකුට තැබූ වෙඩිල්ලක් වැදීමෙන් පියෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ පිය පුතු දෙපළක් වල් ඌරන් දඩයමේ ගොස් ඇති අතර පුතා විසින් වල් ඌරෙකුට තැබූ වෙඩිල්ලක් ඉලක්කය වැරදී පියාට වැදීමෙන් පියා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ දැඩිගම, මල්මැස්ස ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි දෙදරු පියෙකි.

මෙම වෙඩි තැබීම සිදුකර ඇත්තේ 17 හැවිරිදි වියේ පසුවන ඔහුගේ පුත්‍රයා බවයි පොලීසිය පවසන්නේ.

මොවුන් දෙදෙනා ඊයේ රාත්‍රියේ දැඩිගම – ජයලත් කන්ද ප්‍රදේශයේදී දඩයමේ ගොස් ඇති අතර එහිදී පියා විසින් වල් ඌරෙකු කොටු කරගෙන ඉදිරියට පැමිණ තිබෙනවා.

එම අවස්ථාවේදී පුත්‍රයා විසින් ඌරෙකු යැයි සිතා වෙඩි තබා ඇති අතර එම වෙඩි ප්‍රහාරය වැදී ඇත්තේ පියාටයි.

වෙඩි වැදුණු එම පුද්ගලයා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

සැකකාර පුත්‍රයා පොලිසියට බාරවීමෙන් පසු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.