― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsනුවරඑළියට මත්කුඩු බෙදූ අයෙක් අල්ලයි

නුවරඑළියට මත්කුඩු බෙදූ අයෙක් අල්ලයි

නුවරඑළිය ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය බෙදා හැරි ත්‍රීරෝද රථ රියදුරෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොහු කලක සිට වට්ස්ඇප් පණිවිඩ හරහා මත්කුඩු ගෙන්වාගෙන නුවරඑළිය ප්‍රදේශයේ ස්ථාන කිහිපයකට බෙදාහැර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

පොලීසිය පැවසුවේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බොරලන්ද ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 29ක පුද්ගලයෙකු බවයි.

පොලිසියට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇති අතර එම අවස්ථාවේදී සැකකරු සන්තකයේ තිබී ග්‍රෑම් පහයි මිලිග්‍රෑම් 100ක මත්කුඩු ප්‍රමාණයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ඔහුගේ දුරකථන දත්ත පරික්ෂා කිරීමේදී දිගු කලක් තිස්සේ මෙම මත්කුඩු ජාවාරම සිදුකර ඇති බවත් පුද්ගලයන් කිහිපදෙනෙකු හරහා නුවරඑළිය ආසන්න ප්‍රදේශයන් කිහිපයකට ඒවා ඉතාමත් සූක්ෂම ලෙස බෙදාහැර ඇති බවටත් කරුණු අනාවරණය වූ බවයි පොලිසිය පවසන්නේ.

සැකකරු අද (29) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රැඳවුම් නියෝගයක් ලබාගැනීමට නියමිත බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.