පසුගිය වසරේ අපනයන ආදායම පහත වැටී තිබෙනවා.
අපනයන සංවර්ධන මණ්ඩලය සඳහන් කළේ එම වසරේ මුළු අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 14.94 ක් බවයි.
එය 2022 වසරට සාපේක්ෂව 0.39% ක පහත වැටීමකි.
සමස්ත අපනයන ආදායමෙන් ඇමරිකානු ඩොලර් බිලියන 11.85 ක් වෙළඳ භාණ්ඩ අපනයනයෙන් උපයා ඇති අතර ඉතිරි බිලියන 3.08 සේවා අපනයනය මගින් උපයා තිබෙනවා.