― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsයුධ හමුදාපති පැරෂුට් භටයින්ගේ සුවදුක් විමසයි

යුධ හමුදාපති පැරෂුට් භටයින්ගේ සුවදුක් විමසයි

කොළඹ, ගාලු මුවදොර පිටියේ පැවති 76 වන නිදහස් දින සැමරුම් පෙළපාලි පෙරහුරුවට සමගාමීව පැවති පැරෂුට් පුහුණු වීම් අතරතුරදී සිදුවූ අනතුරින් තුවාල ලැබූ යුධ හමුදා නිලධාරීයාගේ සහ සෙබළාගේ සුවදුක් විමසීම සඳහා යුධ හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ඊයේ (30) කොළඹ යුධ හමුදා රෝහල වෙත ගොස් තිබෙනවා.

පැරෂුට් පුහුණුවීම් සිදුකරන අතරතුරදී සිදුවූ මෙම අනතුරින් තුවාල ලැබූ හමුදා සාමාජිකයන් දෙදෙනා සමඟ යුධ හමුදාධිපතිවරයා අදහස් හුවමාරු කරගනිමින් සුවදුක් විමසා ඇති අතර අනතුරුව ඔවුන්ගේ ප්‍රතිකාර තත්ත්වයන් පිළිබඳවද සොයා බලා ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී යුධ හමුදාධිපතිවරයා රෝහලේ වෛද්‍ය නිලධාරීන් සමඟ සාකච්ඡා කරමින් අනතුරට පත්වූවන්ගේ සෞඛ්‍ය තත්ත්වය සහ ඔවුන්ගේ ඉදිරි ප්‍රතිකාර කටයුතු පිළිබඳව ද විමසා තිබෙනවා.

රෝහලින් පිටත්ව යාමට පෙර යුද්ධ හමුදාධිපතිවරයා යුධ හමුදා රෝහලේ වෛද්‍ය කාර්යය මණ්ඩලයේ කැපවීම සහ කාර්යශූරත්වය පිළිබඳ ඔවුන්ට කෘතඥතාවය පළ කිරීමටද අමතක කර නැහැ.