― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsමෙරට පෙරපාසල් දරුවන්ගේ බර වැඩිවෙයි

මෙරට පෙරපාසල් දරුවන්ගේ බර වැඩිවෙයි

මෙරට පෙරපාසල් දරුවන්ගේ බර ක්‍රමයෙන් වැඩිවීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව ප්‍රජා විශේෂඥ වෛද්‍ය සුපුන් විජේසිංහ පවසනවා.

විශේෂඥ වෛද්‍යවරයා ඊයේ (30) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී පෙර පාසල් සඳහා දරුවන්ගේ නිසි පෝෂණය සම්බන්ධයෙන් පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනුයි මේ බව ප්‍රකාශ කළේ.

2021 වසරේ සිට පෙරපාසැල් දරුවන්ගේ බර 5.1 සිට 5.6 දක්වා වැඩි වී ඇති බවයි ඔහු කියා සිටියේ.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ කොළඹ ජීවත් වන පෙර පාසල් දරුවන්ගේ බර ප්‍රතිශතයක් ලෙස 16 යි දශම හය දක්වා වැඩිවි ඇති බවයි.

නිවැරදි ලෙස ආහාර ලබා ගැනීම සිදු නොකිරීම සහ දරුවන් ශාරීරික ක්‍රියාවලට යොමු නොවීම මෙම තත්ත්වය ඇතිවීමට ප්‍රධානම හේතුවක් බවයි වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ.

ළමයින්ට සෑම විටම පානය කිරීමට දිනකට පිරිසිදු ජලය ලීටර් එකයි දශම හතක් ලබා දෙන ලෙසත් සීනි සහ ලුණු අධික ආහාර දරුවන්ට ලබා දීමෙන් වළකින ලෙසත් විශේෂඥ වෛද්‍යවරයා දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා.