― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsතරුණියන් තිදෙනෙක් සමඟ හිමිනමක් විනෝද ගමනක් ගිහින්

තරුණියන් තිදෙනෙක් සමඟ හිමිනමක් විනෝද ගමනක් ගිහින්

ගිහි ඇඳුමින් සැරසී කාන්තාවන් තිදෙනකු සමඟ විනෝද චාරිකාවක් ගිය බව කියන වැලිපැන්න, ලෙව්වන්දූව ප්‍රදේශයේ විහාරස්ථානයක විහාරාධිපති හිමියන්ට එරෙහිව එම ගම්වාසීන් විසින් විරෝධතාවක් පවත්වා තිබෙනවා.

මෙම භික්ෂූන් වහන්සේ විනෝද චාරිකාවට ගොස් සිටියදී එය දායකයකු දැක එම පින්තූර මුහුණු පොතට එක්කිරීමෙන් අනතුරුව අනෙකුත් දායකයන් ඇතුළු ගම්වාසීන් එම ඡායාරූප දැක කුපිත වී විහාරස්ථානය අසළ මෙසේ උද්ඝෝෂණය කර ඇති බවයි වැලිපැන්න පොලිසිය පැවසුවේ.

පෙරේදා (29) රාත්‍රියේ උන්වහන්සේ විහාරස්ථානය අතහැර ගොස් ඇති බවයි වාර්තා වන්නේ.