30 C
Colombo
Monday, February 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsතරුණියන් තිදෙනෙක් සමඟ හිමිනමක් විනෝද ගමනක් ගිහින්

තරුණියන් තිදෙනෙක් සමඟ හිමිනමක් විනෝද ගමනක් ගිහින්

ගිහි ඇඳුමින් සැරසී කාන්තාවන් තිදෙනකු සමඟ විනෝද චාරිකාවක් ගිය බව කියන වැලිපැන්න, ලෙව්වන්දූව ප්‍රදේශයේ විහාරස්ථානයක විහාරාධිපති හිමියන්ට එරෙහිව එම ගම්වාසීන් විසින් විරෝධතාවක් පවත්වා තිබෙනවා.

මෙම භික්ෂූන් වහන්සේ විනෝද චාරිකාවට ගොස් සිටියදී එය දායකයකු දැක එම පින්තූර මුහුණු පොතට එක්කිරීමෙන් අනතුරුව අනෙකුත් දායකයන් ඇතුළු ගම්වාසීන් එම ඡායාරූප දැක කුපිත වී විහාරස්ථානය අසළ මෙසේ උද්ඝෝෂණය කර ඇති බවයි වැලිපැන්න පොලිසිය පැවසුවේ.

පෙරේදා (29) රාත්‍රියේ උන්වහන්සේ විහාරස්ථානය අතහැර ගොස් ඇති බවයි වාර්තා වන්නේ.