28.4 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබලංගොඩ නිවසක ගින්නක්

බලංගොඩ නිවසක ගින්නක්

බලංගොඩ, වලේබොඩ වලවේ ඇල්ල ප්‍රදේශයේ නිවසක හටගත් ගින්නක් හේතුවෙන් නිවසේ කොටසක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා.

ඊයේ (30) සවස මෙම ගින්න හටගෙන ඇති අතර එම අවස්ථාවේදී නිවසේ කිසිකුත් නොසිටි බැවින් ප්‍රදේශවාසීන් නිවස ගිනිගන්නා බව දැක නිවසියන්ට දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

ගින්න හේතුවෙන් නිවස, විදුලි උපකරණ, ඇදුම් සහ පාසල් දරුවාගේ පොත්පත්ද පිළිස්සී විනාශ වී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් බලංගොඩ පින්නවල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.