30.6 C
Colombo
Wednesday, November 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසූර්ය පැනලවලින් විදුලි ඒකක කෝටි 63ක් ජාතික පද්ධතියට

සූර්ය පැනලවලින් විදුලි ඒකක කෝටි 63ක් ජාතික පද්ධතියට

ලංකා විදුලිබල මණ්ඩලය විදුලි පාරිභෝගිකයන් සඳහා ක්‍රියාත්මක කරන වහළය මත සූර්ය පැනල සවිකිරීමේ ව්‍යාපෘතිය යටතේ 2023 වසරේ පමණක් විදුලි ඒකක කෝටි 63 ක් ජාතික පද්ධතියට එක් කර තිබෙනවා.

විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත පැවසුවේ සාම්ප්‍රදායික විදුලිය භාවිත කිරීමේ ක්‍රමයෙන් බැහැරව නව තාක්ෂණික අත්දැකීම් ලබා ගනිමින් ජාතික පද්ධතියට විදුලිය අලෙවි කිරීමට පාරිභෝගිකයින් යොමුව තිබීම අගය කළ යුතු බවයි.

රට පුරා විසිරී සිටින පාරිභෝගිකයන් මෙම සුවිශේෂී ජාතික කාර්ය සඳහා සහයෝගය ලබා දී තිබෙනවා.