26.7 C
Colombo
Sunday, April 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් අද වැඩ වර්ජනයේ

සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් අද වැඩ වර්ජනයේ

වෛද්‍යවරුන් සඳහා වැඩි කළ රුපියල් 35,000ක දීමනාව තමන්ට ද ලබාදෙන ලෙස ඉල්ලා සෞඛ්‍ය අංශයේ වෘත්තීය සමිති කිහිපයක් අද (01) පෙරවරු 6.30ට දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කළා.

වෛද්‍යවරුන් හැර සෞඛ්‍ය අංශයේ වෘත්තීය සමිති 72ක් මෙලෙස මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹ තිබෙනවා.

කෙසේ වෙතත් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කරන දිනය හෝ කාලය සම්බන්ධයෙන් මෙතෙක් දැනුම්දීමක් සිදුකර නැහැ.

වෛද්‍යවරුන්ට ලබාදීමට තීරණය කළ රුපියල් 35,000 දීමනාව තමන්ට ද ලබාදෙන්නැයි ඉල්ලමින් සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් මීට පෙර ද වැඩ වර්ජනයක නිරත වුණා.

කෙසේ වෙතත් ඔවුන්ගේ ඉල්ලීමට රජය කිසිඳු ප්‍රතිචාරයක් දැක්වූයේ නැහැ.