― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsබස් ගාස්තු වැඩි කරන්නැයි ඉල්ලීමක්

බස් ගාස්තු වැඩි කරන්නැයි ඉල්ලීමක්

ඉල්ලීම්වලට විසඳුම් නොලැබුනොත් ඉදිරි සති 02 ඇතුළත බස් ගාස්තු 10% කින් ඉහළ දමන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ එලෙස ගාස්තු සංශෝධනය සිදු වුවහොත් අවම බස් ගාස්තුව රුපියල් 35ක් දක්වා ඉහළ යන බවයි.

අද (01) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සභාපතිවරයා මේ බව සඳහන් කළා.

ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිදුකළ ඉන්ධන මිල සංශෝධනයට අනුව ඩිසල් රුපියල් 5 කින් වැඩිවීමත් සමඟ මේ වනවිට රුපියල් 22ක බලපෑමක් සිදුව ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

පසුගිය වර සිදුකළ ඉන්ධන මිල සංශෝධනයේ දී මිල ඉහළ යාමත් සමඟ රුපියල් 17ක පාඩුවක් බස් හිමියන් විසින් විඳ දරා ගත් බව සභාපතිවරයා මෙහි දී පැවසුවා.