29.5 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපිහියෙන් ඇන මස්සිනා මැරූ අයෙක් අත්අඩංගුවට

පිහියෙන් ඇන මස්සිනා මැරූ අයෙක් අත්අඩංගුවට

යාපනය, චුන්නාකම් පොලිස් වසමේ තෙලිප්පලෙයි ප්‍රදේශයේදී ඊයේ (31) තියුණු ආයුධවලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

චුන්නාකම් පොලීසිය පැවසුවේ තෙලිප්පලෙයි ප්‍රදේශයේදී ඊයේ පුද්ගලයින් දෙදෙනෙකු අතර බහින්බස්වීමක් ගැටුමක් දක්වා දුරදිග යාමෙන් පසුව එක් අයෙකුට තියුණු ආයුධවලින් පහර දී ඇති බව මූලික පොලිස් පරික්ෂණවලදී අනාවරණය වී ඇති බවයි.

එහිදී බරපතල කැපුම් තුවාල ලැබූ පුද්ගලයා යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මිය ගොස් ඇති අතර පහරදීම සිදුකරන ලද පුද්ගලයා එම ප්‍රදේශයෙන් පලා ගොස් තිබුණා.

පසුව චුන්නාකම් පොලීසිය විසින් පලාගිය පුද්ගලයා සොයා සිදු කළ සෝදිසි මෙහෙයුමකින් අනතුරුව ඔහුව අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙම ඝාතනය පවුල් දෙකක් අතර වූ පුද්ලික ආරවුලක් මත සිදුව ඇති බවට අනාවරණය වී ඇති අතර අත්අඩංගුවට පත් සැකකරු 57 හැවිරිදි තෙලිප්පලෙයි ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පහරකෑමෙන් මිය ගොස් ඇත්තේ තෙලිප්පලෙයි ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි චන්ද්‍රනාත් ගෝපිනාත් නැමැත්තෙකු වන අතර අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා.