27.2 C
Colombo
Friday, August 8, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකොන්ක්‍රීට් කණුවකට යට වී දරුවෙක් ජීවිතක්ෂයට

කොන්ක්‍රීට් කණුවකට යට වී දරුවෙක් ජීවිතක්ෂයට

ඔංචිල්ලාවක් බැඳ තිබූ කොන්ක්‍රීට් කණුවක් පෙරළීමෙන් මොණරාගල, දොඹගහවෙල ප්‍රදේශයේදී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 10ක දරුවෙක්.

ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි මෙම දරුවා සිය මව්පියන් සමඟ උත්සවයක් සඳහා ඥාති නිවසකට පැමිණ සිටි අවස්ථාවේදීයි මෙම අනතුරට මුහුණ පා ඇත්තේ.

එම නිවසේ කොන්ක්‍රීට් කණු දෙකක් අතර බැඳ තිබූ ඔංචිල්ලාවක් පදිමින් සිටියදී එක්වරම එක් කොන්ක්‍රීට් කණුවක් දරුවා මතට කඩාවැටී ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී බරපතළ තත්ත්වයේ සිටි දරුවා මොණරාගල රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇති අතර රෝහලට ඇතුළත් කරන විටත් එම දරුවා ජීවිතක්ෂයට පත්ව සිටි බවයි පොලීසිය පැවසුවේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් දොඹගහවෙල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.