― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsහරක් කටාගේ පෙත්සමක් විභාගයට ගැනීමට අවසර

හරක් කටාගේ පෙත්සමක් විභාගයට ගැනීමට අවසර

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා ගෙන සිටින නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටාට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර තිබෙන නඩුව බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (01) අවසර ලබා දුන්නා.

මෙම පෙත්සම සම්බන්ධයෙන් ලබන 16 වන දා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා එහි වග උත්තරකරුවන් වශයෙන් නම් කර සිටි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිසකට අධිකරණය විසින් නොතිසි ද නිකුත් කළා.

හරක් කටා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරන විනිසුරු ඩී. එන්. සමරකෝන් විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

පෙත්සම්කාර හරක් කටා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මුස්තාපා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවා දායකයාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කර තිබෙන බව සඳහන් කළා.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තම සේවා දායකයාට එරෙහිව නඩු පැවරීමට කිසිදු නීත්‍යානුකූල පදනමක් නොමැති බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා එම නඩුකරය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් කියා සිටියා.

ඒ අනුව අදාළ නඩුකරය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ලබා දෙන තුරු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ පැවැත්වෙන එම නඩු විභාගය අත්හිටුවීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.