28.4 C
Colombo
Wednesday, September 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅඩු බර පාන් සොයා දිවයින පුරා වැටලීම්

අඩු බර පාන් සොයා දිවයින පුරා වැටලීම්

නියමිත බරට පාන් අලෙවි කරන්නේ ද යන්න සොයා බැලීමට අද (05) සිට මෙහෙයුම් ආරම්භ කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම අධිකාරිය සඳහන් කළේ අදාල රෙගුලාසිවලට අනුව කටයුතු නොකරන වෙළඳසැල්වලට සහ බේකරිවලට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවයි.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සහ කිරුම් මිනුම් පිළිබඳ දෙපාර්තමේන්තුව විසින් දිවයින පුරා මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි.

පසුගියදා රජය විසින් පාන් ගෙඩියක සහ පාන් භාගයක තිබිය යුතුනියමිත බර සඳහන් කරමින් ගැසට් නිවේදනයක් ද නිකුත් කළා.