― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsබඳින තුවක්කුවක් පත්තු වී අයෙක් ජීවිතක්ෂයට

බඳින තුවක්කුවක් පත්තු වී අයෙක් ජීවිතක්ෂයට

මුලතිව් හිදී බඳින තුවක්කුවක් පත්තුවීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මාන්කුලම පොලිසිය පැවසුවේ ඊයේ (05) බඳින තුවක්කුවක් පත්තුවීමෙන් මුලතිව්, මාන්කුලම, මනවාලපට්ටිමුරුප්පු ප්‍රදේශයේ පදිංචි 69 හැවිරිදි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

මෙම පුද්ගලයා තවත් පිරිසක් සමඟ පැණි කැඩීම සඳහා කැළෑවට ගොස් ඇති අතර එම අවස්ථාවේදී වල් ඌරන් සඳහා අටවා තිබූ බඳින තුවක්කුවක් පත්තු වී තිබෙනවා.

වෙඩිල්ල පත්තු වීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මාන්කුලම රෝහලට ඇතුළත් කොට ඇති අතර එහිදී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය පැවසුවේ.

මියගිය පුද්ගලයාගේ මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව මළ සිරුර ඥාතීන් වෙත භාරදීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් මාන්කුලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.