25 C
Colombo
Thursday, July 24, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅනියම් ඇසුරෙන් කතකට දිවි අහිමි වෙයි

අනියම් ඇසුරෙන් කතකට දිවි අහිමි වෙයි

අනියම් සම්බන්ධතාවයක් මත ඇති වූ ආරවුලක් හේතුවෙන් සූරියවැව ප්‍රදේශයේ, පොල්පහ ප්‍රදේශයේ නිවසක් තුළදී තියුණු ආයුධයකින් පහර දී කාන්තාවක් ඝාතනය කර තිබෙනවා.

සූරියවැව පොලිසිය පැවසුවේ ඊයේ (05) පස්වරුවේ මෙම ඝාතනය සිදුව ඇති බවයි.

ඝාතනය සිදුකළ සැකකරු හඳුනාගෙන ඇති අතර ඔහුව අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලීසිය පවසනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ සූරියවැව, බැද්දේවැව බටහිර ප්‍රදේශයේ පදිංචි අවුරුදු 37ක කාන්තාවක් වන අතර මෙම කාන්තාව සහ ඝාතනය සිදුකළ සැකකරු අතර කලක් තිස්සේ පැවති අනියම් සම්බන්ධතාවක් පවත්වා ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

එහිදී ඇති වූ ආරවුලක් දුරදිග ගොස් මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලිසිය පවසන්නේ.

මෘත ශරීරය මේ වනවිට හම්බන්තොට රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.