― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsතවත් වෛද්‍යවරු 1300කට මාර්තුවේ පත්වීම්

තවත් වෛද්‍යවරු 1300කට මාර්තුවේ පත්වීම්

තවත් වෛද්‍යවරුන් 1300 දෙනෙකු ලබන මාර්තු මාසයේදී රජයේ රෝහල් සඳහා අනුයුක්ත කිරීමට නියමිතය.

සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ වෛද්‍ය හිඟයට පිළියමක් ලෙස මේ වනවිට සීමාවාසික පුහුණුවීම් අවසන් කරමින් සිටින වෛද්‍යවරුන් 1300කට පත්වීම් ලබාදීමට නියමිත බවයි.

පසුගිය සතියේ දීද සීමාවාසික පුහුණුවීම් අවසන් කළ වෛද්‍යවරුන් 590 දෙනෙකුට පත්වීම් ලබා දුන් අතර ඔවුන් මේ වනවිට රජයේ පුරප්පාඩු වී තිබු රෝහල් සඳහා අනුයුක්ත කර තිබෙනවා.