24.5 C
Colombo
Friday, June 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකෝටි 04ක දුම්වැටි සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

කෝටි 04ක දුම්වැටි සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

තීරුබදු රහිතව මෙරටට ආනයනය කරන ලද විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනව.

MANCHESTER වර්ගයේ දුම්වැටි ලක්ෂ 04 ක් ලොරි රථයක් මගින් මීගමුව ප්‍රදේශයට ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු ඒ අනුව අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.

මෙම දුම්වැටි තොගයේ වෙළෙඳපොල වටිනාකම කෝටි 04 ක් පමණ වන බවට අනුමාන කර ඇති අතර දිවයින පුරා ක්‍රියාත්මක යුක්තියේ මෙහෙයුමට සමගාමීවයි මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මීගමුව පොලිස් වසමේ පෙරියමුල්ල හංදිය අසළ මාර්ගයේ සිදු කළ වැටලීමකදී මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් දෙදෙනා නාත්තණ්ඩිය හා කොච්චිකඩේ ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 30 ක හා 32 ක පුද්ගලයින් දෙදෙනෙකු බවයි පොලීසිය සඳහන් කළේ.